ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අදවන විට ලොව පුරා තරුණ තරුණියන් අතරේ අතිෂය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක්. තරුණ තරුණියන් පමණක් නොව වයස් සීමාවකින් තොරව ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු නිදහස් අදහස් මිතුරු කණ්ඩායම් අතරේ බෙදා ගැනීමට මේ යෙදවුම ඉඩ සලසා තිබෙනවා. මෙම ටික් ටොක් යෙදවුමේ බෙදාගත් වීඩියෝවක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් කොළඹ සේදවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් අද උදෑසන වාර්තා වුණා .
මොහොමඩ් අබ්දුල් ලතිප් නමැති මේ තරුණයා මේ නොසිතුවිරූ අභාග්‍යට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල් කාලයේදීයි. අබ්දුල් ඔහුගේ සොහොයුරාට කෑම පාර්සලයක් ලබාදීම සඳහා ඔහු සේවය කරන ස්ථානයට මිතුරන් කිහිප දෙනෙක් සමග ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔහු සිය මිතුරු පිරිස කැටුව නැවත හේනමුල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වන Tik tok වීඩියෝවක් රූගත කිරීම සඳහායි.
ඔහු සිය මිතුරු පිරිසද සමඟ Tik tok වීඩියෝව රූගත කරමින් සිටින අතරවාරයේ එතැනට පැමිණි තවත් පිරිසක් අබ්දුල් සමඟ ගැටුමකට මුල පුරන්නේ ඔහු විසින් පසුගියදා Tik tok යෙදවුම ඔස්සේ සමාජයට මුදා හල වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්.. එහිදී මෙම බහින් බස්වීම දුරදිග ගොස් ගැටුමට මුල පිරු පුද්ගලයෙක් අබ්දුල්ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර තුවාල ලැබූ අබ්දුල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ. ගැටුමට හේතු වූ කාරණය ලෙස ජනවාරි 1 දා විනෝද චාරිකාවක් අතරවාරයේදී සමාජ මාධ්‍යට මුදාහල වීඩියෝවක් හේතුවී ඇති බව සඳහන් කෙරුණද අබ්දුල්ගේ දෙමාපියන් පවසන්නේ ඔහු එදින කිසිදු විනෝද චාරිකාවක් සඳහා එක්වූ බවට තමන් දැනුවත් නොමැති බවයි.
කෙසේ වෙතත් එදින අබ්දුල් ඔහුගේ පෙම්වතියගේ නිවසට ගොස් ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් අබ්දුල්ගේ දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියා ” එයා 1වැනිදා ට්‍රිප් එකක් යනවා කියලා අපට කිව්වේ නැහැ , අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ . නමුත් අපි පළවැනිදා අබ්දුල් කෙහෙද ගියේ කියලා හොයලා බලද්දී දැනගන්න ලැබුනා එයා එයාගේ පෙම්වතියගේ ගෙදරට ගිහින් තියෙනවා කියලා. මේ සිද්ධියට හේතුව මොකක්ද කියලා අපි තවම දන්නේ නැහැ..” මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරනු ලබන අතර අබ්දුල්ට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයින් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.




















Munta mewa Haram neda.phone use karana eka tv balanna ekA.
මුස්ලිම් ආගම අනුව ඔහු ජීවත් උනානම් . ඉස්ලාම් දර්මයෙ විදියට හෙසිරුනානම් ඔහුට මෙ ඇබැද්දිය වෙන්නෙ නැහෙ . කෙසෙ වෙතත් සමාජ මාද්ය පරිහරනය කිරීම ලංකාවෙ බහුතරයකට දන්නෙ නැහෙ . සමාජ මාද්ය වලින් වීරයන් නලුවන් වෙන්න ගිහින් සිදුවන දෙවල් මෙවා.ඉස්ලාම් ආගම පමනක් නොව සියලුම ආගම් දර්ශන අනුව ජීවත් වන්න පුරුදු වන්න මෙවෙනි අකල් මරන නොවීමට