රාජ්‍ය සේවකයන්ට මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන්ටද ප්‍රමාණවත් වැටුප් වැඩි කිරීමක් නීතියක් මගින් ලබා දෙන ලෙස වෘත්තිය සමිති රජයෙන් ඉල්ලා සිටිනවා.
පුද්ගලික සේවක වැටුප් වැඩි කරන ලෙස උපදෙස් දීමකින් පමණක් අපේක්ෂිත ප්‍රථිඵල ලබා ගත නොහැකි බවයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දෙන්නේ.
මුදල් අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කලා.
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන ලෙස කම්කරු අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බවයි ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියාසිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12




