තිහගොඩ ගමම කම්පා කරමින් අවසන් ගමන් ගිය මහින්ද

“වහලයේ මුළු පරාල දෙකේ ඇදය ඇරීම සඳහා කඹයක් දමා මහින්ද බාස්උන්නැහේ සහ ඔහුගේ පුතා කඹය ඇද්දා. ඒ සමඟ කඹය කඩාගෙන සිවිලිම් තහඩුත් කඩාගෙන ගොස් මේ දෙදෙනා බිමට වැටුණා” යැයි වහලයකින් ඇද වැටීමෙන් මියගිය වඩු කාර්මිකයකුගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔහුත් සමඟ වැඩ කළ වඩු කාර්මිකයකු වන විදානගම ආරච්චිගේ බන්දුසේන (56) නමැත්තා පවසනවා.

මියගොස් ඇත්තේ මහින්ද කොඩිතුවක්කු (57) නමැති පොල්කොරටුව බණ්ඩත්තර, තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහුගේ පුතුද වහලයෙන් ඇදවැටීමෙන් තුවාල ලබා තිබෙනවා. මියගිය වඩු කාර්මිකයාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කර තිබෙන බවත් සඳහන්.

 සාක්ෂිකරු තවදුරටත් මෙසේද කියා සිටියා, “මා මහින්ද බාස්උන්නැහේ සමඟ වසර 15ක සිට එකට වඩු වැඩ කරනවා. ඔහුගේ නිවෙස අසල වහලයක් ගැසීම සඳහා මහින්ද කොන්ත්‍රාත්තුවක් ලබාගෙන තිබුණා. මහින්දගේ පුතා කුලියාපිටිය ඉන්ජිනේරු පීඨයේ සිසුවෙක්. නිවාඩු නිසා ඔහුත් පියා සමඟ වැඩට එනවා. දෙමහල් නිවෙසක ඉහළ මාලයේ ටැංකි වහලයේ මුළු පරාල දෙකේ ඇද ඇරීම සඳහා කඹයක් දමලා තද කොට කඹය ඇද්දා. ඒ සමඟ කඹය කඩාගෙන වහලයෙන් බිමට වැටුණා. මහින්ද බාස්උන්නැහේගේ පුතා බුදු තාත්තේ කියාගෙන කැගැසුවා. පුතාගේ කොඳුනාරටියට තුවාල වී තියෙනවා. මහින්ද කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව දැන ගත්තා.” 

පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර කළ අතර වහලයෙන් ඇද වැටීමෙන් හිසට හා පපුවටවූ බහුවිධ තුවාල හේතුවෙන් මරණයවී ඇති බවට තීන්දු කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48