පොලිස් රාජකාරියට නුසුදුසු 5000ක් රාජකාරියේ

මානසික සහ ශාරීරික සෞඛ්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්විය යුතුව සිටින නිලධාරීන් පන්දහසක් පමණ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව නවතම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ආකාරයට ඔවුන් විශ්‍රාම නොගන්වා තවදුරටත් සේවයේ තබාගැනීම නිසා පොලිස් සේවාවේ විනය පිරිහීම සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙම නිලධාරීන් අතර විවිධ ත්‍රස්තවාදී ක්‍රියා නිසා රෝගාබාධවලට ලක්වූ නිලධරයන් 537ක්, වෙනත් පොලිස් රාජකාරිවලදී ආබාධවලට ලක්වූවන් 1305ක් බෝ නොවන රෝග තත්ත්වයන් නිසා ආබාධවලට ලක්වූවන් 2699ක් සහ වෙනත් ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් සැහැල්ලු රාජකාරිවලට අනියුක්ත කර සිටින නිලධාරීන් 411 දෙනෙක් සිටිති.

මේ සියලු ආබාධිත නිලධරයන්ගේ සංඛ්‍යාව 4952කි. මොවුන් විශ්‍රාම ගන්වා ඒ වෙනුවට නව පොලිස් නිලධාරීන් සේවයට බඳවා ගත යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැනටමත් රජයට නිර්දේශ කර තිබේ. පොලිස් සේවාවේ සමස්ත නිලධාරීන් ගණන් 85,000ක් පමණය. එයින් 5000ක් පමණ විවිධ සෞඛ්‍ය හේතූන් මත සේවාවට අයෝග්‍ය තත්ත්වයක සිටීම දෙපාර්තමේන්තුවට බරපතළ ගැටලු ඇතිකරවන තත්ත්වයක් බවද සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48