දැඩි අවධානම් තත්ත්වයක්,ඔමික්‍රෝන් රෝගියෙකු ඇගලුම්කම්හලේ සිට බසයෙනුත් ඇවිත්

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදිතයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක 50 හැවිරිදි පියා සහ 25 හැවිරිදි දියණියකට ඇතිවූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවයි ,මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවසුවේ.

එම පවුලේ මව, මිත්තනිය සහ දියණියකටද රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔමික්‍රොන් වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති පවුලේ පියාට සහ දියණියට රෝගය වැළඳී ඇති ආකාරයක් නොදන්නා බවත් එම දෙදෙනාම සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතන දෙකක සේවය කරන බවත් අනාවරණයවී ඇති අතර ඔවුන් බස්රථවලින් ගමන් ගෙන ඇත.

එම තරුණිය සීදූව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන්නියක් බවද අනාවරණයවී තිබේ.

දැනට රෝග තත්ත්වයෙන් පසුවන්නවුන්ගේ වැලිවේරියෙහි නිවසට පැමිණ ඇති බව කියන ඔවුන්ගේ ගම්පහ ප්‍රදේශයේ ඥාති පවුලක සාමාජිකයන් තිදෙනකුටද කොරෝනා රෝග ලක්ෂණ පවතින බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16