ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිකරණය මගින් පනවා ඇති වාරණ නියෝගයක් තවත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව, ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළේය.
එම පැමිණිල්ල අද (31) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරු කියා ඇත්තේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවය.
වගඋත්තර කරුවන් දෙදෙනා මේ වනවිට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින බවත් ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපල පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.














A good verdict from the courts. Not only those two songs, but also some others songs of other singers have violated the rights of people.
Lionel Ranwala”s “KIKILI” song is one such song. He died of a trafic accident close to a SINHALA NEW YEAR day.
All such singers do such filthy thing because their voice is really unpleasant.
I pointed out a similar thing to the singer Medical Doctor THUSITHA who had published his songs on SIYATHA TV.
I accepted it.