කුමාරි ඇල්ලෙන් අතුරුදන් වූවන් හමුවෙයි

හංවැල්ල කුමාරි ඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගසාගෙන ගොස් අතුරදන්ව සිටි තුන්දෙනා අතරින් වයස අවුරුදු 16 ක ගැහැනු ළමයාගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටින 14 හැවිරිදි අනෙක් ගැහැනු ළමයා සහ 29 හැවිරිදි තරුණිය සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ පස්වරු 6.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

තවත් පිරිසක් සමග හංවැල්ල කුමාරි ඇල්ලේ දියනාමින් සිටියදී වර්ෂාවත් සමග එක්වරම ඇල්ලේ දියපහර වැඩිවී ගැහැනු ළමුන් දෙදෙනා සහ තරුණිය දියේ ගසාගෙන ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන්ව සිටින ගැහැණු ළමයා සහ තරුණිය හැඳල සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?