වැල්ලවායේ කඳු රක්ෂිතයක ගින්නක්

ඇල්ල වැල්ලවාය මාර්ගය ආසන්නයේ පිහිටා ඇති තුනේ කණුව කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න පස්වරුවේ සිට ඊයේ රාත්‍රි පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර පනහකට වඩා විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් රක්ෂිතයේ තිබූ වසර ගනණක් ඉපැරැණි ශාක රැසක් විනාශ වී ඇති අතර රක්ෂිතයේ තෘණ භූමියද ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වනසංරක්ෂණ නිලධාරීන් සැක පලකරන අතර වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?