විදේශිකයෙකු සමග විවාහ වීමේදි නව රෙගුලාසි

මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගත යුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

නව චක්‍රලේඛයක් නිකුක් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී පළමුව විදේශීය පාර්ශ්වය තම රටේ ආරක්ෂක අංශවලින් සහතිකයක් ලබා ගත යුතු බවයි.

එම සහතිකයේ, මෙරට පුද්ගලයා විවාහ වන විදේශීය පාර්ශ්වය ආසන්න මාස 06 ක් තුළ කිසිදු අපරාධමය චෝදනාවක් ලබා නොතිබිය යුතු බවට සඳහන් විය යුතු ය.

අනතුරුව මෙරට පාර්ශ්වය හෝ මෙරට පාර්ශ්වයේ නියෝජිතයෙකු පමණක් එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත භාර දිය යුතු ය.

පසුව එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්වේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය මෙරට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කෙරෙනු ඇති.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දෙන නිෂ්කාශන වාර්තාවට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් විවාහ වීමට බලපත්‍රයක් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කෙරේ.

අනතුරුව විවාහය ලියාපදිංචි කිරීමට අවසර ලැබෙන අතර මෙම නීතියට අනුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පහත සඳහන් ලියකියවිලි භාර දිය යුතුයි.

01 . වලංගු විදේශ ගමන් බලපත්‍රයක් , එහි පිටපතක් සහ වලංගු වීසා පතක්

  1. විදේශීය පාර්ශ්වයේ සිවිල් තත්ත්වය තහවුරු කෙරෙන එරට සහතිකයක්.
  2. රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය
  3. විදේශිකයා විසින් සැකසූ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්.
  4. උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්

රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා පවසන්නේ , ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නව රෙගුලාසි ඉදිරිපත් කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුදල් විශූද්ධීකරණයට සම්බන්ධ විදේශිකයින් මෙරට පුද්ගලයින් සමග විවාහ වීම වැළැක්වීමට ද නව රෙගුලාසි දැමීමට හේතුවක් බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03