කැළණි ගඟ සුරැකීමට රුපියල් මිලියන 200ක්

2022 වසරේ සුරකිමු ගංගා වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කැලණි ගඟ සංරක්ෂණයට බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවයි සුරකිමු ගංගා වැඩ සටහනේ ජාතික මෙහෙයුම් කමිටුව ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ.

අදවනවිට මිනිස් ක්‍රියාකාරකම් හමුවේ කැලණි ගඟ අවදානම් රැසකට මුහුණ දී ඇති බවද මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එම තත්වය වළක්වා ගැනීමට නම් වහාම ගංඟා රක්ෂිතය සළකුණු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?