සුපිරි වෙළෙදසැලකදී ආණ්ඩුවේ ප්‍රභූ වරයෙකුට ජනතා විරෝධය

VIP හෙවත් ප්‍රභූ පුද්ගලයන් හට ජනතාවගේ විරෝධය එල්ලවීමේ සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ වාර්තා විය.

එහි අලුත්ම සිදුවීම වාර්තා වූයේ පෙරේදා (26) දින රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙදසැලකදීය.

එහිදී පෙරවරු 11ට පමණ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ප්‍රබල තනතුරක් දරන කොට මහත VIP පුද්ගලයකු හට අදාළ සුපිරි වෙළෙදසැල ඇතුළේදී තරුණ පිරිසකගේ හූ හඩට මුහුණ දීමට සිදුව තිබේ.

කෙසේවෙතත් තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර අදාළ ප්‍රබලයා සිය බඩු මල්ලද එම ස්ථානයේ තබා සුපිරි වෙළදසැලෙන් පිටව යාමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

මෙම VIP ප්‍රබලයා ආණ්ඩු කිහිපයකම ඉහළ තනතුරු දැරූවකු ලෙස ප්‍රකටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
702
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?