පොලිසියේ සිංදු කියන මේ සහකාර පොලිස් අධිකාරී කවුද..? – Exclusive

පොලිසිය කියන නම ඇහුනත් සමහරුන්ගේ හිත්වල ඇතිවෙන්නේ හොඳ හැගීමක්නම් නෙවෙයි.

හැබැයි මේ පොලිසිය ඇතුලෙම නීතිය අකුරට ඉටු කරන මානුෂීය මිනිස්සුත් ඉන්නවා.

අපි මේ කියන්න යන්නේ පොලිසිය ගැනනම් නෙවෙයි..

පොලිසිය ඇතුලේ ඉන්න පොලිස් කලාකරුවෙක් ගැනයි.. ඔහු තමයි පාලිත අමරතුංග..

ඔහු ගැන අපි හොයලා බලන්න හිතුවේ පසුගිය කාලේ අන්තර්ජාලය හරහා වගේම රූපවාහිනිය හරහා හුවමාරු වුණු ඔහුගේ ගායන හැකියාව සහිත ගීතයක් නිසයි.

මොහු මේ වෙද්දි මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරනවා.

සිය ගායන හැකියාවෙන් නිරතුරුවම රසික හදවත් අතරට එන ඔහු පොලිස් මියුරුසර වැඩසටහනටද සහභාගී වී තිබුණා.

ඉතිං අපි හිතුවා ඔහුත් සමග සුහද පිළිසදරක යෙදෙන්න…

දැන් ඔබ සහකාර පොලිස් අධිකාරීවරයෙක්.. කොහොමද මේ සංගීත දිවියට සම්බන්ධ වුණේ…?
මගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්.. එයත් කලාවට ලැදි කෙනෙක්..
සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව මගේ තාත්තට තිබුණා. ඒ ආභාෂය තමයි මට ලැබුණේ… ඉතිං පුංචි කාලේ ඉදලම සංගීතය ඇගේ තියෙනවා.. උපතින්ම ගෙනාපු හැකියාවක් කිව්වොත් හරි..

මේ වෙද්දි පොලිස් සේවයට එකතු වෙලා කොච්චර කාලයක්ද..?
දැන් අවුරුදු 33 ක් වෙනවා මම පොලිස් සේවයට එකතු වෙලා.. උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවට බැදුනු මම මේ වෙද්දි සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට සේවය කරනවා..

ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහෙද..?
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට තමයි මම ගියේ.. මම සාමාන්‍යපෙළට සංගීතය හැදෑරුවා.. ඉස්කෝලෙදි ගීත ගායනා කළා..
මංගල උත්සවවලදි සිංදු කිව්වා.. උදාගමින් උදාගමට වැඩසටහනේ තුන්වැනි වටයට මම එන්නත් අවස්ථාව ලැබුණා..

ඔබේ සහෝදරයාත් ප්‍රසිද්ධ ගීත රචනා කරපු කෙනෙක් නේද..?
ඔව් මගේ අයියා තමයි හැමදාමත් යාළුවේ, ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියන රචනා කළේ..

මේ වෙද්දි ඔබේම ගීය කීයක් වගේ ගායනා කරලා තිබෙනවද..?
මගේම සිංදු 20 ක් වගේ මේ වෙද්දි ගායනා කරලා තියෙනවා.
1992 දි සිනා කැළුම් කියලා මගේම කැසට් එකක් කළා.. සරත්ද අල්විස් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ.
ඔබ දැන් කොතැනද.. බිං කළුවර එනවා, පන්හිද හැඩුවා, ළඳුනි එපා නුඹ, ඔබේ අහිංසක, තාරුකා සැලී, කඳුළු සලා, ඔබේ අහිංසක යන ගීත මගේම ගීත..

පොලිසියෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
මට පොලිසිය නිසා ලැබුණු අවස්ථා ගොඩක් තියෙනවා.
ගුවන් විදුලි සංස්ථාවේ පොලිසියේ ශ්‍රේණිගත ගායකයෝ තේරුවා..
ප්‍රවීණ ගායන ශිල්පී දිනේෂ් බෝගොඩ තමයි එතන තෝරන්න හිටියේ..
එතනදි මට ජීවිතේ අමතක නොවන සිදුවීමක් වුණා.
මම මගේ ගීත ගැසට් එක ඒ වෙද්දි නිර්මාණය කරලයි තිබුණේ..
මම එතනින් එළියට එද්දි බෝගොඩ මහතා මට කතා කරලා කිව්වා බිං කළුවර එනවා ගීතය ඔබ නේද ගායනා කරන්නේ කියලා.
ඒ සිංදුව ඔහුට ඇහිලා ඔහුගේ මතකයේ ඒක තිබිලා තියෙනවා..
ඒක ඇත්තටම මට සතුටක්..
පොලිසියේ විශේෂ අවස්ථාවල ගීත ගායනා කරනවා.. විනෝදාංශයක් විදිහට රාජකාරිය අතරතුර ඒ දේවල් කරනවා.
මීරිගම ස්ථානාධිපති ඉන්නකොට නාලක අංජන මට ගීත හතරක් හදලා දුන්නා..

කැමතිම ගායකයා..?
මම සාමාන්‍යයෙන් විවිධ ගායකයන්ගේ ලස්සන ගීතවලට කැමතියි.
හිතට දැනුනු ගීතයක්නම් මම ඒක ගායනා කරනවා.. කැමතියි..
මුල්ම කාලේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩිගේ වගේ ගායනා කළා..
හිතට වදිනේ මොකක්ද මම ඒක කියනවා..

ඉස්සර කලාවට තිබුණු තැනයි දැන් තියෙන තැනයි ගැන මොකද හිතෙන්නේ..?
ඉස්සරට වැඩිය දැන් සංගීත ක්ෂේත්‍රයට එන්න තියෙන ඉඩ වැඩියි..
ශෝෂල් මීඩියා, තාක්ෂණය, යූටියුබ් වගේ ප්‍රසිද්ධ මාධ්‍ය නිසා දැන් ඕනම කෙනෙකුට දෙයක් කරන්න පහසුයි.
ගෙදර ඉදන් හරි සිංදුවක් කියලා ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන්..
ඒ විදිහට ජනප්‍රිය වුණු අයත් ඕනේ තරම් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.
ඒ වගේම කලාවේ සෞන්දර්ය ගිලිහෙන තැනුත් තියෙනවා.. සමහර වෙලාවට මොකද අද තාක්ෂණයත් එක්ක ගීත ගායනා කරන්න බැරි කෙනෙකුට වුණත් කටහඬ හදලා ගීතයක් එළියට දාන්න පුළුවන්..
ඒ නිසා කෙනෙකුට මේ ක්ෂේත්‍රයට එන්න ලේසියි.. නමුත් මුදලුත් අවශ්‍ය වෙනවා.

ඉදිරි බලාපොරොත්තුව..
කලාව විනෝදාංශය ගීතය තුල තමයි ජීවත් වෙන්නේ.. රැකියාව කරන අතරතුරදිම මේ හැමදේම කරනවා.
ඉතිං ඉදිරියටත් කලාවට සම්බන්ධව, ඒ තුලින් මනසත් නිරවුල් කරගෙන මේ ආවා වගේම ඉදිරි ගමනත් ඒ විදිහටම යන්න බලාපොරොත්තු වෙනවා.
යාළුවන්ගේ වුණත් උත්සවයක් තිබුණොත් ගීතයක් ගායනා කරලා ඒ සංගීත සුවය විදිනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23