රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකියක්

රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

භාණ්ඩ හා සේවාවල බරපතළ හිඟයක් ඉදිරි දිනවල ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයට අදාළව ගත් වැරදි තීරණ හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදන සැපයුම විශාල ලෙස කඩා වැටී ඇතැයි පැවසූ දුනුසිංහ මහතා පවතින ඩොලර් හිඟය හමුවේ විදේශයෙන් ආහාර ආනයනය කිරීමද ඉදිරියේ දී බරපතළ ලෙස සීමා වනු ඇතැයිද පැවසුවේය.

විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ වල උග්‍ර හිඟයක් ඉදිරියේදී ඇති වනු ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?