මඩකලපු මුහුදේ නැංගුරම්ලා ඇති යාත්‍රාව ගැන පැහැදිලි කිරීමක්

මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති යාත්‍රාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් තිබූ එම යාත්‍රාව ඉන්ධන හිඟයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මෙලෙස නැංගුරම් ලා ඇති බව සඳහන්ය.

අදාළ යාත්‍රාව කැනීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල වාර්තා පළවී තිබූ අතර ඒවා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

මේ වනවිට අදාළ යාත්‍රාව ගමන්කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ත්‍රිකුණාමලයේ පිහිටි දේශීය නැව් නියෝජිතායතනයක් මගින් ලබාදී තිබේ.

ඒ අනුව එම යාත්‍රාව එහි ගමනාන්තය දක්වා යාත්‍රා කරවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?