ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙනි.
මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මාතර ළමා හා කාන්තා කාර්යංශය මගින් අදාළ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත් බවය.
ඊයේ (24) උදෑසන ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ලැබී තිබූ බව සඳහන් ය.
ඒ අනුව අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා මේ වන විට මාතර පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.













