පාසැල් සිසුවෙක් කකුල් දෙකෙන් උස්සා ගගට විසි කරයි…

පාසල නිම වී නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවකුගේ කකුල් දෙකෙන් උස්සා පාලම උඩින් ගඟට විසි කිරීමේ සිදුවීමක් ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම චෝදනා එල්ලවන විශ්ව විද්‍යාල සිසුවා ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී තිබේ.

ඔහු රෝගී තත්ත්වයක් ඇත්කේදැයි පරීක්ෂණ පවත්වන බව ගොඩකවෙල පොලිසිය සඳහන් කරයි.

ගඟට වැටුණු සිසුවා ගොඩකවෙල ප්‍රදේශයේ පාසලක හත වසරේ ඉගෙනුම ලබන අයෙකු වන අතර මේ වනවිට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාර සිසුවා කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?