ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී පොලිස් දැලේ පැටලෙයි

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස රත්‍රන් කිලෝ 1.049ක් මෙරටට ගෙන ඒමට උත්සාහ දරා ඇති බව වාර්තා විය.

ගුවන්තොටුපොළ පැමිණිමේ පර්යන්තයේ දී ඊයේ (24)  සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.