හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට 74 වන වියෙහි පසුවුණා.දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර හෙට අවසන් කටයුතු කිරිමට නියමිත බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.

කරණ්දෙනිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඔහු කටයුතු කළා.

ගුණරත්න වීරකොන් මහතා 1994 වසරේදී දකුණු පළාත් සභාවට තේරි පත්වූ අතර 2004 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?