තිරුක්කෝවිල් ඛේදවාචකය – මරණ ගණන ඉහළට

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලබා කල්මුණේ  අෂ්රෆ් රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් ඇති බව එම රෝහල් පොලීසිය පැවසුවේය.

ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

වෙඩි වැදිම හේතුවෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු  තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර  තිබූ අතර පසුව එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?