වැඩිමහල් සහෝදරිය සිය බාල සොහොයුරිය කොළඹ අතරමං කර පෙම්වතා සමග පැනයයි

වැඩිමහල් සහෝදරියක් සිය බාල සොහොයුරිය කොළඹ බස් නැවතුම්පොළේ අතරමං කර සිය පෙම්වතා සමග පළායෑමේ පුවතක් වාර්තා වුණි.

වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට පසුගිය 21 වනදා කොළඹට පැමිණ තිබුණි.

පසුව එම තරුණිය විසින් කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතා සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය පවසයි.

සිය සොහොයුරිය විසින් අතරමං කර දමාගොස් සිටි 14 හැවිරිදි දැරිය මධ්‍යම බස්නැවතුමේ අඩමින් සිටියදී එම පොලිස් මුරපොළේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා වැලිගම ඉබ්බාවල දුෂ්කර ප්‍රදේශයක පදිංචිකාරියන් බවත්, ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ පසුගිය 21 වනදා බවද ඇය පොලිසියට පවසා තිබේ.

23 හැවිරිදි සැකකාර තරුණිය බෙහෙත් ගැනීම සඳහා යැයි සිය මවගෙන් මුදලක් ද ඉල්ලාගෙන 14 හැවිරිදි දැරිය ද සමග වැලිගමට නගරයට යන බව පවසා පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා කොළඹ මාතර බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කොළඹට පැමිණි පසු සැකකාර තරුණියගේ දුරකථනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී තිබේ.

පසුව ඇය සිය 14 හැවිරිදි සොහොයුරිය අමතා රුපියල් 1000ක අතට දී මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට යන ලෙසට දැනුම් දී දැරිය බස් නැවතුමේ අතහැර තරුණිය පෙම්වතා සමග පළාගොස් ඇති බවට වාර්තා වේ.

පසුව පොලිසිය දැරියගේ මව්පියන් පොලිසිය වෙත ගෙන්වා 14 හැවිරිදි දැරිය බාර දී තිබේ.

වතුවල කුලී වැඩ කරමින් ජීවත් වන එම මව්පියන්ට පොලිසිය ආහාරපාන සහ වැලිගම බලා යාමට මුදල් දී දැරිය ද සමග වැලිගම බලා පිටත්කර යවා ඇත.

දැරිය පිටකොටුවේ අතරමංකර දමා පෙම්වතා සමග පළාගිය බව කියන ඇයගේ 23 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51