spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩිමහල් සහෝදරිය සිය බාල සොහොයුරිය කොළඹ අතරමං කර පෙම්වතා සමග පැනයයි

වැඩිමහල් සහෝදරියක් සිය බාල සොහොයුරිය කොළඹ බස් නැවතුම්පොළේ අතරමං කර සිය පෙම්වතා සමග පළායෑමේ පුවතක් වාර්තා වුණි.

වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට පසුගිය 21 වනදා කොළඹට පැමිණ තිබුණි.

පසුව එම තරුණිය විසින් කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතා සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය පවසයි.

සිය සොහොයුරිය විසින් අතරමං කර දමාගොස් සිටි 14 හැවිරිදි දැරිය මධ්‍යම බස්නැවතුමේ අඩමින් සිටියදී එම පොලිස් මුරපොළේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා වැලිගම ඉබ්බාවල දුෂ්කර ප්‍රදේශයක පදිංචිකාරියන් බවත්, ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ පසුගිය 21 වනදා බවද ඇය පොලිසියට පවසා තිබේ.

23 හැවිරිදි සැකකාර තරුණිය බෙහෙත් ගැනීම සඳහා යැයි සිය මවගෙන් මුදලක් ද ඉල්ලාගෙන 14 හැවිරිදි දැරිය ද සමග වැලිගමට නගරයට යන බව පවසා පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා කොළඹ මාතර බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කොළඹට පැමිණි පසු සැකකාර තරුණියගේ දුරකථනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී තිබේ.

පසුව ඇය සිය 14 හැවිරිදි සොහොයුරිය අමතා රුපියල් 1000ක අතට දී මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට යන ලෙසට දැනුම් දී දැරිය බස් නැවතුමේ අතහැර තරුණිය පෙම්වතා සමග පළාගොස් ඇති බවට වාර්තා වේ.

පසුව පොලිසිය දැරියගේ මව්පියන් පොලිසිය වෙත ගෙන්වා 14 හැවිරිදි දැරිය බාර දී තිබේ.

වතුවල කුලී වැඩ කරමින් ජීවත් වන එම මව්පියන්ට පොලිසිය ආහාරපාන සහ වැලිගම බලා යාමට මුදල් දී දැරිය ද සමග වැලිගම බලා පිටත්කර යවා ඇත.

දැරිය පිටකොටුවේ අතරමංකර දමා පෙම්වතා සමග පළාගිය බව කියන ඇයගේ 23 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?