නගරයක් වසා දමයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.

එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ෂියෑන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් ජීවත් වන අතර නගරය වසා දැමීමත් සමග ඔවුන්ට දැඩි සීමාවලට යටත්වීමට සිදුවනු ඇති.

ඒ අනුව ෂියෑන් නගරයේ ජීවත්වන පවුල්වලින් එක් පුද්ගලයෙකුට පමණක් දින 02 කට වරක් නිවසින් පිටතට පැමිණීමට අවසර හිමිවනවා.

ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි.

නගරයේ පිහිටි අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර රජයේ සේවකයින්ට දැනුම්දී ඇත්තේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකරන ලෙසයි.

එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල හේතුවෙන් කොරෝනා ව්‍යාප්තියෙන් තොර රටක් ගොඩනැගීම චීනයේ අරමුණයි.ඒ අනුව මේවනවිටත් රට පුරා කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ආසාදිතයින් වාර්තා වුවහොත් අදාළ ප්‍රදේශය වසා දැමීමේ දැඩි තීරණයක චීන බලධාරීන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51