නැවක් ගිලී 17ක් මරුට 68ක් අතුරුදන්

මැඩගස්කර් මුහුදේ යාත්‍රා කළ මගී නෞකාවක් ගිලී යෑමෙන් 17 ක් මියගිය අතර 68 ක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මෙහි මගීන් 130 ක් ගමන් කර තිබෙනවා.

මුහුදේ ගිලෙමින් සිටි 45 ක් බේරාගත් බව ජීවිතාරක්‍ෂක නිලධාරීහු පවසනවා . නැව ගිලී යෑමට හේතු වී ඇත්තේ එහි නියමිත සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ගමන් කිරීම බවයි පැවසෙන්නේ.