ජපානයේ ඔමික්‍රෝන් සමාජගත වෙයි

ජපානයේද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේම අද (22) එරටින් පළමුවරට සමාජයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවූ බව එරට සෞඛ්‍ය අංශ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය ෂිගේයුකි ගෝටෝ පැවසුවේ ඔසාකා පළාතෙන් ආසාදිතයින් තිදෙනෙක් හමුවී ඇති අතර එම තිදෙනාට වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයුරු අපැහැදිලි බව වාර්තා විය.
    
එම ආසාදිතයින් තිදෙනා එකම පවුලේ සාමාජිකයින් බවත් ඔවුන් විදේශ රටවල සංචාරය නොකළ අය බවත් වාර්තා විය.

මේ වනවිට ජපානයෙන් කොරෝනා ආසාදිතයින් මිලියන 1.73ක් හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වී ඇති මරණ ගණන 18,391කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?