AFC Banner
Empty Ad
Empty Ad

සුනඛයින් 250 දෙනෙකුගේ ජිවිත වලට වගකියු වඳුරන් දෙදෙනා

සුනඛයින් 250 දෙනෙකුගේ ජිවිත වලට වගකියනු ලැබූ වඳුරන් දෙදෙනෙකු සම්බන්ධයෙන් වන පුවතක් ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

වඳුරු පැටවෙකු සුනඛයින් රැලක් විසින් මරා දැමීම නිසා එයට පලි ගැනීම සඳහා මෙම වඳුරන් දෙදෙනා විසින් ගතවූ මාස කිහිපය තුලදී මෙලෙස සුනඛ පැටවුන් 250 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවයි ප්‍රදේශවාසින් වනජීවී නිලධාරින් විසින් පැමිණිලි කර ඇත්තේ.

මෙම වඳුරන් දෙදෙනා විසින් කුඩා සුනඛ පැටවුන් දුටු විට ඔවුන් අල්ලා ගෙන ගස් උඩට රැගෙන ගොස් එහි සිට බිමට වැටෙන්න සලස්වා ඝාතනය කරන බවයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

ඒ අනුව මෙම වඳුරන් දෙදෙනා ගැන සිදුකළ දැනුම් දීමක් අනුව වනජීවී නිලධාරින් විසින් අදාළ වඳුරන් දෙදෙනා අල්ලා ගෙන ඇති අතර ඔවුන් වෙනත් කැළෑ බඳ ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?