නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුල නෙදර්ලන්තය රට අඟුලු දමයි

අධික ලෙස බෝවන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා නෙදර්ලන්තය නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළ දැඩි අගුලු දැමීමකට යන බව අගමැති මාර්ක් රූට් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල්, අවන්හල්, කොණ්ඩා මෝස්තරකරුවන් සහ ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමීම ඇතුළු ක්‍රියාමාර්ග ඉරිදා සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි 14දා දක්වා ඒවා ක්‍රියාත්මක වේ. එසේම නෙදර්ලන්තයේ සියලුම පාසල් ජනවාරි 9දා දක්වා වසා තැබේ.

“නෙදර්ලන්තය නැවතත් වසා දමනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය සමග අප වෙත පැමිණෙන පස්වැනි රැල්ල නිසා එය නොවැළැක්විය හැකියි” රූට් රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අනෙකුත් ක්‍රියාමාර්ග අනුව නිවෙස්වලට අමුත්තන් දෙදෙනෙකුට වඩා නොපැමිණීම සහ පිටත රැස්වීම්ද උපරිම පුද්ගලයන් දෙදෙනෙකුට සීමා කළ යුතු බවට නිර්දේශ නිකුත් කර තිබේ.

දැන්ම ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත්, රෝහල්වල කළමනාකරණය කළ නොහැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවත්, එය දැනටමත් කොවිඩ්-19 රෝගීන් සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය ප්‍රතිකාර ප්‍රමාණය අඩු කර ඇති බවත් රූට් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40