අයවැයේ වියදම් හෙළිවෙයි : මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලකට රුපියල් 951ක්

අයවැය විවාද පැවැති කාලසීමාවේදි පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව පැවැත්වීය. එදිනට පසු දින එනම් නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භවූ අතර එම විවාද අවසන් වූයේ පසුගිය 10 වෙනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වුණු දිනය ද ඇතුළුව පාර්ලිමේන්තුව පැවති දින ගණන 23ක් වනවා.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක පමණ මුදලකි. අයවැය කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් එම මුදල ඒ කාල සීමාවේදී ඊට වඩා වැඩි වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසන්නේ.

මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ වැටුප් හා දීමනා, ආහාර පාන සැපයීම, විදුලිය සහ ජල සැපයුම, ප්‍රවාහන පහසුකම්, ලිපි ද්‍රව්‍ය සැපයීම ඇතුළු කටයුතු වෙනුවෙන් මෙම මුදල වැයවන බව ගණන් බලා ඇතැයි පවසන එම නිලධාරීන් අයවැය කාලයේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සහ අනෙකුත් ස්ථානවල වායු සමීකරණ පද්ධති එක දිගට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය සඳහා විශාල පිරිවැයක් එම කාලයේදී දැරීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක් සඳහා (මාළු සහිත) සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් 951ක් වන අතර එළවළු පමණක් සහිත ආහාර වේලක් සඳහා රුපියල් 629ක් පමණ වැය කෙරෙන බව පාර්ලිමේන්තු විගණන අංශය සඳහන් කර සිටින්නේ.

(උපුටා ගැනීම : ලංකාදීප වෙබ් අඩවිය)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝ හෝම්.. වැඩ බැරි නම් බැහැලා යන්න
16:21
Video thumbnail
වෙනත් කෙනෙකුගේ QR එකකින් තෙල් ලබාගත්ත පුද්ගලයෙක් අත්අඩංගුවට..සාක්ෂි ඔක්කොම අපි ගාව තියෙනවා
01:48
Video thumbnail
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
00:59
Video thumbnail
ආණ්ඩුව කොච්චර කයිය ගැහුවත් පොහොර නෑනේ
03:45
Video thumbnail
නාමල් - සජිත් එකතුවෙයි..?
06:46
Video thumbnail
බේරුවල ධීවර යාත්‍රාවලට ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව..දැනටනම් ප්‍රශ්නයක් නෑ - "කියන්න අනුර Fail කියලා"
03:01
Video thumbnail
යට ඇඳුමේ හිල වහගන්න ආපු ඇමතිවරු අපිට ලයිට් නිවන්න කියනවා
02:12
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13