විදෙස් ජාතිකයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ සංචාරක නවාතැන්පොළක සැක කටයුතු ලෙස විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර වාරියපොළ ප්‍රදේශයේ ළමා නිවාසයක් ආසන්නයේ ද සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා 57 හැවිරිදි අලුත්ගම බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.