ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් ඉර අසළටම යයි

ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ. කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු වූයේ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති අභ්‍යාවකාශ යානයය.

මෙතෙක් ගගනගාමීන් සේම අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේද කුතුහලයට බඳුන්ව තිබූ සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක නිරත වීම මෙම යානයෙන් අරමුණු කර තිබේ. සූර්යයා පිළිබඳ බොහෝ කාරුණු එමගින් හෙළි කරගනු ඇති බව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවය. මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත් කමකින් යුතු සිද්ධියක් බව නාසා ආයතනය පවසයි.

2018 වසරේදි අභ්‍යාවකාශයට මුදාහැරි පාකර් සෝලර් ප්‍රෝබ් යානය ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වන ඉයුජීන් පාකර්ගේ නමින් නම් කරනු ලැබූවකි. සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8කට මෙපිටින් ගමන් කරමින් සිටි පාකර් සෝලර් ප්‍රෝබ් අලුත් චාරිකාවේදී බුධගේ කක්ෂය හරහාද ගමන් කරනු ඇත. 1,377 ° C තරම්වු තාපයකට නිරාවරණය වීමෙන් ආරක්ෂාවීම සදහා මෙම යානය අඟල් 4.5ක් ඝනකමැති සුවිශේෂි කාබන් සංයුක්ත ආවරණයක් සහිතව නිර්මාණය කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08