වෙඩි තැබීමකින් තරුණියක් මරුට

වවුනියාව, නෙදුන්කේණි, සේනපිලව්, ඊට්ටමුරිංජාන් මාර්ගයේදී ගමන් කළ තරුණියකට අද (15) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇතැයි නෙදුන්කේනි පොලිසිය පවසයි.

මියගිය තරුණිය සිය මව සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සේනපිලව්, ඊට්ටමුරිංජාන් කැළෑ මාර්ගයකදී මෙලෙස වෙඩි තබා ඝාතනය කොට ඇති බව පොලිසිය පැවසුවා.

එලෙස වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ ඊට්ටමුරිංජාන්, සේනපිලව්, වවුනියාව ලිපිනයේ පදිංචි බාල සුබ්‍රමණියම් සත්‍යකලා නැමති වයස අවුරුදු 33 අවිවාහක තරුණියක් බවට පොලීසිය විසින් අනාවරණය කොට ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් පසු තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මියගිය තරුණිය සමඟ අනියම් සබඳතාවක් පැවැත් වූ විවාහක පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවටත් සැක පල කරන අතරම එම සැකකාර පුද්ගලයා මීට ඉහතදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව ඇපමත මුදාහැර සිටි අයකු බවත් පොලිසිය පවසයි.

ඝාතනය සිදු කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුවද රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවට නෙදුන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?