වීදුරුවක් කඩාගෙන පැන ගිය කොවිඩ් ආසාදිතයා

කොවිඩ් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු  අද (15) දහවල් එහි වීදුරුවක් කඩා පැනගොස් තිබේ.

එලෙස පැනගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් පිරිමි වාට්ටුවේ සිටි ආසාදිතයෙකි.

කෙසේවෙතත් මාර්ගයේ දිවයමින් සිටියදී ඔහුව නැවත අල්ලාගෙන රෝහලට රැගෙන විත් තිබුණි.

මේ අතර නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය‍ ලොව රටවල් 77කට ව්‍යාප්තවී ඇති බවට නිල වශයෙන් වාර්තා වී තිබුණත්, එය තවත් රටවල් රැසකට පැතිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය අවතක්සේරුවට ලක්කිරීම ගැන තමා කණස්සල්ලට පත්වී සිටින බව එම සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !