පොඩි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

පොඩි මැණිකේ දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද (15) පස්වරුවේ කොටගල සහ තලවක්කලෙයි අතර සෙන්කිලායාර් ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කොටගල දුම්රිය ස්ථානයේ මේ වනවිට මියගිය පුද්ගලයාගේ සිරුර දමා ගොස් ඇතැයි වාර්තා වේ.
 
මියගොස් ඇත්තේ, ශාන්ත ඇන්රෝ වතුයායේ පදිංචි ව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
 
එම පුද්ගලයා දුම්රියේ ගැටුණා ද? නැතිනම් දුම්රියට පැන සියදිවි හානිකර ගෙන ඇත්තැයි පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?