අර්බුදයෙන් ගොඩ එන්න උතුරේ දූපත්, තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න වෙයි ද ?

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ උතුරු පළාතේ දූපත් ලබාදෙන බවට පොරොන්දු වී වත්මන් රජය ඉන්දියාවෙන් ආධාර ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.ඒ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්ණ කරන විටදී ආණ්ඩුව පිළිතුරු නොදීම තුලද ඇත්තේ බරපතල ගැටලුකාරි තත්වයක් බවයි ඔවුන් පවසන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා.නිකන් සල්ලි දෙන්න කාටවත් පිස්සු නැති බව ද ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?