රටම බලාසිටින ගෑස් නඩුව ට තවත් තීන්දුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීම නිසා ඇතිවු අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි හෙට (16) දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (15) රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් විසින් වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බව දැනුම් දුන්නේය.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පැවසුවේය.

එමෙන්ම ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බවද ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් එකඟ වන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙහිදී අධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට නියෝග කළේ එම කරුණු සියල්ල ඇතුළත් කර හෙට දින දිව්රුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව එම පෙත්සම සමථයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවද අධිකරණය පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22