AFC Banner
Empty Ad
Empty Ad

රටම බලාසිටින ගෑස් නඩුව ට තවත් තීන්දුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීම නිසා ඇතිවු අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි හෙට (16) දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (15) රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් විසින් වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බව දැනුම් දුන්නේය.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේය.

ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ඔහු පැවසුවේය.

එමෙන්ම ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බවද ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් එකඟ වන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙහිදී අධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට නියෝග කළේ එම කරුණු සියල්ල ඇතුළත් කර හෙට දින දිව්රුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව එම පෙත්සම සමථයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවද අධිකරණය පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?