ගෑස් උඳුනක් පිපිරී තුවාල ලැබූ කාන්තාවක් මරුට

ගෑස් උඳුනක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි. ඒ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඒ බව තහවුරු කළේය. කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණේ පසුගිය පළමුවනදාය.

අදාළ කාන්තාව පවුලේ පිරිස සමග කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ කුලී පදනම මත බවද වාර්තා විය.

ඒ, අදාළ කාන්තාව එදින අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේදීය.

අනතුරින් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව පසුගිය 10 වනදා මියගොස් තිබුණි.

පල්ලේකැලේ පොලීසිය පැවසුවේ ගෑස් අනතුර නිසා එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතත් අනතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ කරගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් ප්‍රදේශ කිහිපයකින් අදත් වාර්තා විය.

වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ඊයේ (11) පස්වරුවේ පුපුරා ගොස් තිබුණේ ආහාර පිසිමින් සිටින අතරතුරදීය.

පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප පුපුරා යාමෙන් අද (12) තවත් අනතුරක් සිදුව තිබුණි.

මීට අමතරව හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයාය, සූරියවැව, විහාරගල, වලස්මුල්ල සහ කන්තලේ ආරියවංශ මාවත යන ප්‍රදේශවලින් ද ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම් වාර්තාවුණි.

මේ අතර තලවතුගොඩ ජයවඩනගම ප්‍රදේශයේ ලිට්‍රො ගෑස් අලෙවි නියෝජිතයෙකු ගෑස් අලෙවිය තාවකාලිකව නවතා දර අලෙවි කිරීමට පටන්ගෙන තිබුණි.

ගෑස් ලිප් පිපිරීමේ සිදුවීම්වලින් පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නව මාර්ගෝපදේශ යටතේ රතු ලේබලයෙන් යුත් නව ලිට්‍රො සිලින්ඩර වෙළෙඳපොළට නිකුත්කිරීමට පියවර ගැණුනත් මීට මාස තුනකට පමණ පෙර එම ලාංඡනය සහිතවම නිකුත් කළ සිලින්ඩර පවතින බවද එම අලෙවි නියෝජිතයා එහිදී පෙන්වා දුනි.

මේ අතර ගෑස් රැගෙන මෙරටට ළඟාවූ නෞකාවක් වත්තල උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදුතීරයේ නැංගුරම්ලා තිබේ.

පරීක්ෂණ සඳහා ඉන් ගෑස් සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16