AFC Banner
Empty Ad
Empty Ad

සොරකම් කළ මැරඩෝනා ගේ ඔරලෝසුව ඉන්දියාවෙන් හමුවෙයි

අභාවප්‍රාප්ත ආර්ජන්ටිනාවේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිත කළ බවට සැලකෙන ඔරලෝසුවක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. Hublot වර්ගයේ ඔරලෝසුවක් වන මෙය එම සමාගම විසින් ඉතා සීමිත සංඛ්‍යාවක් නිපදවනු ලැබූ සුවිශේෂී ඔරලෝසුවක් වන අතර එයින් එක් ඔරලෝසුවක් සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිතා කොට තිබුණා.

මෙම ඔරලෝසුව අස්ථාන ගතවී ඇත්තේ ඩුබායි හිදී වීමද විශේෂත්වයක්.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා මෙම ඔරලෝසුව ඩුබායි හි සේවය කළ ඇසෑම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ළඟ තිබී මෑතකදී ඉන්දියාවට පැමිණ තිබියදී සොයා ගත් බව ඇසෑම් පොලිසිය සඳහන් කර සිටියේ.

ඇසෑම් ප්‍රධාන අමාත්‍ය හිමන්ත බිස්වා සර්මා මෙම තොරතුරු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

2020 නොවැම්බර් මාසයේදී සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගියා. ඉන් පසුව ඔහුට අයත් භාණ්ඩ රැසක් සහ මෙම ඔරලෝසුව ඩුබායි හි පිහිටි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කර තිබු බව සඳහන්.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඉන්දීය ජාතික සැකකරු එම සේප්පුව පිහිටි පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරනු ලබන අයෙකු වන අතර ඉකුත් නොවැම්බර් මාසයේදී සිය පියාට අසනීපව ඇති බව පවසමින් නිවෙස බලා යෑමට අවසර ඉල්ලා තිබුණා.

එලෙස පැමිණීමෙන් පසු එම ආයතනය විසින් මෙම සොරකම ගැන අනාවරණය කර ගනු ලැබ පසුව ඩුබායි පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඩුබායි පොලිසිය විසින් ඉන්දීය බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඔරලෝසුවේ ඩියාගෝ මැරඩෝනා ගේ අත්සන, ඔහුගේ ජායාරූපය ද ඇතුලත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?