සොරකම් කළ මැරඩෝනා ගේ ඔරලෝසුව ඉන්දියාවෙන් හමුවෙයි

අභාවප්‍රාප්ත ආර්ජන්ටිනාවේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිත කළ බවට සැලකෙන ඔරලෝසුවක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. Hublot වර්ගයේ ඔරලෝසුවක් වන මෙය එම සමාගම විසින් ඉතා සීමිත සංඛ්‍යාවක් නිපදවනු ලැබූ සුවිශේෂී ඔරලෝසුවක් වන අතර එයින් එක් ඔරලෝසුවක් සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් භාවිතා කොට තිබුණා.

මෙම ඔරලෝසුව අස්ථාන ගතවී ඇත්තේ ඩුබායි හිදී වීමද විශේෂත්වයක්.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා මෙම ඔරලෝසුව ඩුබායි හි සේවය කළ ඇසෑම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ළඟ තිබී මෑතකදී ඉන්දියාවට පැමිණ තිබියදී සොයා ගත් බව ඇසෑම් පොලිසිය සඳහන් කර සිටියේ.

ඇසෑම් ප්‍රධාන අමාත්‍ය හිමන්ත බිස්වා සර්මා මෙම තොරතුරු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

2020 නොවැම්බර් මාසයේදී සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගියා. ඉන් පසුව ඔහුට අයත් භාණ්ඩ රැසක් සහ මෙම ඔරලෝසුව ඩුබායි හි පිහිටි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කර තිබු බව සඳහන්.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඉන්දීය ජාතික සැකකරු එම සේප්පුව පිහිටි පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරනු ලබන අයෙකු වන අතර ඉකුත් නොවැම්බර් මාසයේදී සිය පියාට අසනීපව ඇති බව පවසමින් නිවෙස බලා යෑමට අවසර ඉල්ලා තිබුණා.

එලෙස පැමිණීමෙන් පසු එම ආයතනය විසින් මෙම සොරකම ගැන අනාවරණය කර ගනු ලැබ පසුව ඩුබායි පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඩුබායි පොලිසිය විසින් ඉන්දීය බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඔරලෝසුවේ ඩියාගෝ මැරඩෝනා ගේ අත්සන, ඔහුගේ ජායාරූපය ද ඇතුලත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56