AFC Banner
Empty Ad
Empty Ad

භාවනා බලයෙන් ලෙඩ හොඳ කරන මුවාවෙන් මිනිසුන් රැවටූ චීවරධාරියා

චීවරධාරී අයෙකු විසින් භාවනා බලයෙන් ලෙඩ සුව කරන බව පවසමින් නිවසකට ඇතුළුවී නිවැසියන්ට යම් පානයක් බීමට ලබාදී ගෙදර තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගිය පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නැගිටීමට අපහසු මද සිහි තත්ත්වයෙන් සිටින පුද්ගලයෙකු සුව කිරීමේ අරමුණින් මෙම චීවරධාරී පුද්ගලයා හමුවට අදාල පිරිස ගොස් තිබෙනවා.

අදාල චීවරධාරී පුද්ගලයා මාදිවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බවයි නිවැසියන් පවසන්නේ.

ඉන් පසුව එම ස්ථානයට ගිය කාන්තාවකට යමක් පානය කිරීමට දී අදාල නිවසට ලෙඩාව බැලීමට යාමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

යම් යම් පාන වර්ග ලබාදීමට අවශ්‍ය බව චීවරධාරියා විසින් පවසා ඇති අතර ඒ අනුව නිවසට පැමිණි අවස්ථාවේදී නිවැසියන්ට ලබාදුන් පානයකින් සියල්ලන්ම සිහිසුන් වී තිබෙනවා.

මේ පිළිබඳව තලංගම පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප සහ තොරතුරු පහතින් දක්වා තිබෙනවා..

මේ පිළිබඳව තොරතුරක් ඇතොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ තලංගම පොලිසිය දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

දුරකථන අංකය – 0725039111

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?