ලිට්‍රෝ සමාගමට නියෝගයක්

ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නව නියෝගයක් නිකුත් කර තිබේ.

දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙසය.

එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලිට්‍රෝ සමාගම විසින් නිකුත්කළ යුතුය.