රුව ගැන හිතන ඔබ අමාරුවේ වැටෙන්න කළින් මේ ගැන දැනගන්න

රූපලාවන්‍ය යන වචනය කණ වැකෙත්ම ඇතිවන්නේ මිහිරි සිතිවිල්ලක්. ආලේපන සහ විලවුන් විලාසිතා ලෝකයට පමණක් සීමා නොවේ. මිනිසාට එදිනෙදා ජීවිතයේ ප‍්‍රමුඛ කාර්යභාරයන් ඉටු කර ගැනීමට, ළදරුවාගේ සිට මහල්ලා දක්වා ලිංග භේදයකින් තොරව දිනපතා බාහිර පෙනුම සහ පෞද්ගලික ස්වස්ථතාව රැකගැනීමට විවිධ වූ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරයි.

ආලේපන සහ විලවුන් ගනයට අයත් වන්නේ මොනවාද?

සිරුර පිරිසිදුව තබා ගැනීමට, සිරුරේ හැඩය පවත්වාගැනීමට, තරුණ බව රැුක ගැනීමට, තිබෙන රැුව වඩාත් ඔපවත්ව පෙන්වීමට සහ නැවුම් බව රඳවා ගැනීමට විශේෂිත වූ විවිධ ආලේපන නිෂ්පාදන බොහොමයක් වෙළෙඳපළේ දක්නට ලැබේ.

පවුඩර්, ක්‍රීම්, ශරීර ආලේපන, ස්කින් ටෝනර්, සම පිරිසිදු කාරක, මුහුණට යොදනා පැක් වර්ග, හිස කෙස් වර්ණ ගන්වන ඩයි වර්ග, සම සුදු පැහැයට හරවන ආලේපන, තොල් සහ නිය ආලේපන, සමේ ඇති කඩතොළු වැසීමට භාවිතා කරන ජෙල් වර්ග ආදිය විලවුන් ගනයට අයත් වේ.

අද රූපලාවන්‍ය කර්මාන්තයේ ඇස්තමේන්තුගත වටිනාකම ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 20ක් පමණ වන බව ගණන් බලා ඇත.

රූපලාවන්‍ය නිෂ්පාදනයන්හි අන්තර්ගත හානිකර රසායනික සංයෝග

ආලේපනවල අන්තර්ගත බැර ලෝහ.

ලෙඞ(Pb), ආසර්නික් (As), රසදිය(Hg), ඇළුමිනියම්(Al), කැඞ්මියම්(Cd), කොබෝල්ට් (Co) ක්‍රෝමියම් (Cr) සහ නිකල් (Ni) බැර ලෝහ ගනයට අයත් වේ. මෙම බැර ලෝහ තොල් ආලේපන, නිය ආලේපන, අයිලයිනර්, හිසකෙස් වර්ණාලේපන සහ ක‍්‍රීම් වර්ගවල අඩංගු බව සොයාගෙන ඇත.

අද සමාජයේ ඉතාමත් ජනප‍්‍රියව පවතින සම සුදු කිරීම සඳහා භාවිතා කරන ෆෙයානස් ක‍්‍රීම් වර්ගවල ද රසදිය මුසුව ඇති බව සඳහන් කරයි.

සමහර ශාකසාර ආලේපන තුළ ද බැර ලෝහ අඩංගු විය හැකි බව සනාථ කර ඇත. මේවා අක්මාව සහ වකුගඩුවලට සෘජුවම බලපෑම් ඇති කරයි.

  • ටැල්ක් Magnesium try silicate නමැති ඛනිජ වර්ගය සියුම්ව අඹරා සාදාගනු ලබන සියුම් කුඩු ටැල්ක් පවුඩර් ලෙස භාවිතා කරයි.

නමුත් මෙම ටැල්ක් තුළ අඩංගු ඇස්බැස්ටස්වලට සමාන කෙඳි පිළිකාවලට හේතුකාරක විය හැකි බව පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (IARC) සඳහන් කරයි.

ටැල්ක් පවුඩර් සහ ඩියොඞ්රන්ට් (දහදිය දුගඳ වළක්වන ආලේපන) ප‍්‍රජනක ඉන්ද්‍රියන් සහ කිහිලි ප‍්‍රදේශයේ ආලේප කිරීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව පිළිකා වර්ධනය 40% සිට 90% වැඩි අවදානමක් තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

තවද කුඩා දරුවන් සඳහා පවුඩර් භාවිතා කිරීමෙන් ඔවුන්ගේ පෙණහලූ ආශ‍්‍රිතව සංකූලතා ඇති විය හැකි බවද අවධාරණය කර තිබේ.

  • සුවඳ විලවුන් Perfume (Fragrance). ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් රසායනික ද්‍රව්‍ය වර්ග 3059 ක් පමණ සුවඳ විලවුන් නිෂ්පාදනයේදී භාවිතා කරනු ලබන බව පවසයි. සුවඳ (Fragrance), සුවඳ විලවුන්, ඩියොඩ‍්‍රන්ට් සහ කොලොන්වල ප‍්‍රධාන සංඝටකයක. සුවඳ ද්‍රව්‍ය බොහොමයක් අන්තරාකාරී ද්‍රව්‍ය ලෙස ලැයිස්තුගත නොවූවත් ඒවා සම මත ස්පර්ශ වීම නිසා කැසීම, දැවිල්ල, අසාත්මිකතාව, දරුණු හිසරදය, ඇදුම වැනි රෝග ලක්ෂණ ඇති විය හැක. සුවඳ ද්‍රව්‍ය නිසා ඇදුම රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ගේ රෝගී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වන බව සොයාගෙන ඇති අතර එය රෝගීන් තුළ අසාත්මිකතාව ඇතිවීමට තුඩුදෙන දෙවන පොදු හේතුව ලෙස ශ්‍රේණිගත කර ඇත.

තහනම් රසායනික
DEA (Diethanolamine)

යුරෝපා සංගමය (EU) විසින් තහනම් කර ඇති මෙම රසායනිකය ෂැම්පෝ, ලෝෂන්ස්, කී‍්‍රම් වර්ග වැනි නිෂ්පාදනවල තෙතමනය රඳා පවත්වා ගැනීම සඳහා සුලභව භාවිතා කරන බව සඳහන් වේ. මෙය විලවුන් තුළ ඇති අනෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟ ප‍්‍රතිකි‍්‍රයා කර Nitrosamine නමැති පිළිකා කාරක සංඝටකය සාදයි. මෙම සංඝටකය සම මතින් ශරීරගත වන බවත් ඉතා සුළු මාත‍්‍රාවක් වුවද පිළිකා කාරක වන බව සඳහන් කර ඇත.

Benzyl acetate / Benzy Alcohol

මෙම රසායන ද්‍රව්‍යයන් රෙදි මෘදුකාරක, සුවඳ විලවුන්, ෂැම්පෝ, රෙදි සෝදන කුඩු, නිය වර්ණ ඉවත්කරන දියර, පිඟන් සේදුම්කාරක, එයාර් ෆ්‍රෙෂ්නර් සහ ශරීර ආලේපනවල තිබිය හැක. සම හරහා ශරීරගත විය හැක. මේ නිසා ස්වසන ආබාධ, අසාත්මිකතා, ක්ලාන්තය සහ වමනය රෝගාබාධයන්ට ගොදුරු විය හැක. Benzyl acetate අග්න්‍යාශයික පිළිකා කාරකයක් ද වේ.

BHA (Butylated hydroxyl anisole)/ BHT
(Butylated hydroxyl toluene)

යුරෝපා සංගමය (EU) සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය (IARC) මඟින් භාවිතය සඳහා තහනම් කර ඇති මෙම රසායනික සංයෝග විලවුන් නිෂ්පාදන කර්මාන්තයේ දී නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිතා කෙරේ. ළදරු තෙල්, ලෝෂන් වර්ග, තොල් ආලේපන, අයිෂැඩෝ සහ ශේවින් ක්‍රීම් තුළ අඩංගුව ඇත.

මේවා ශරීරගත වීමෙන් උපත් ආබාධ, මඳ සරුබව, මානසික වර්ධනය අඩුවීම, ඇදුම, චර්ම රෝග, ඇස් දැවිල්ල, අධික මහන්සිය, ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකා වැනි රෝගාබාධවලට ගොදුරු වන බව සොයා ගෙන ඇත.

Parabens

පෙට්‍රෝලියම් ආශ‍්‍රිත නිෂ්පාදනයකි. පැරබීන් වර්ග කිහිපයක් ඇත. වේශ නිරූපනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය, මොයිස්චරයිසින් ක‍්‍රීම්, හිසකේ සත්කාරක නිෂ්පාදන, ශේවින් ක‍්‍රීම් ආදියෙහි පැරබීන් අඩංගුය.

මෙය විලවුන් නිෂ්පාදන කල්තබා ගැනීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයකි.

නිෂ්පාදන ක‍්‍රියාවලියේදී කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය සඳහා වැයවන අධික පිරිවැය අඩුකර ගැනීමට පැරබීන් යොදාගනී. අධි සාන්ද්‍ර පැරබීන් මඟින් පුරුෂයන්ගේ ශුක‍්‍රාණු ප‍්‍රමාණය අඩු කරන අතර වෘෂණ කෝෂ සහ පියයුරු ආශ‍්‍රිත පිළිකා ඇතිකිරීමට ද සමත් බව පර්යේෂණ ඇසුරින් සනාථ කර ඇත.

1,4-Dioxane.

එක්සත් ජනපද පාරිසර ආරක්‍ෂක ඒජන්සිය (USEPA) සහ ජාතික විෂවිද්‍යා වැඩසටහන(USNTP) මඟින් සත්ව පිළිකා කාරකයක් ලෙස ලයිස්තු ගත කොට ඇත. දත් බෙහෙත්, මුඛ සේදුම් දියර, සේදුම් කුඩු, ෂැම්පෝ වර්ග, කන්ඩිෂනර් දියර, සබන් සහ ෆොර්මින් ජෙලි වැනි නිෂ්පාදනවල තිබිය හැකි අතුරු ඵලයකි. විශේෂයෙන් අක්මාවට, මොළයට, ස්නායු පද්ධතියට හානි පැමිණ විය හැකx පියයුරු, සම සහ අක්මාවට බලපෑම් ඇති කළ හැකි ප‍්‍රබල පිළිකා කාරකයකි.

Petrochemicals

ඛනිජ තෙල් ජෙලි ලෙසද හදුන්වයි. හිසකේ සත්කාරක නිෂ්පාදනයන් හි දීප්තිය වැඩිකිරීම සඳහා යොදා ගනී. මිනරල් ඔයිල් සංයෝග සමඟ තිබිය හැකි Polycyclic aromatic hydrocarbons (PAHs සංයෝගයන්ට දීර්ඝ කාලීනව නිරාවරණය වීම පිළිකාව ඇතුළු සෞඛ්‍ය සංකූලතා රාශියකට බලපාන බව අධ්‍යයනකින් සොයාගෙන තිබේ.

එහි ප‍්‍රතිඵල මත යුරෝපා සංගමය
Petrochemicals පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර විලවුන් නිෂ්පාදනයේදි භාවිතාව සීමා කර ඇත.

Coal Tar Dye

ගල් අඟුරු තාර ඛනිජ තෙල්වලින් ලබාගන්නා අතුරුඵලයකි. විලවුන් කර්මාන්තයේදී වර්ණ ලබාගනීමට ගල් අඟුරු තාර භාවිතා කරය. හිසකේ ඩයි නිෂ්පාදන සඳහා වර්ණ ලබාගන්නේ ගල් අඟුරු තාරවලිනි.

P–phenylenediamine යනු හිසකේ ඩයි වර්ග නිෂ්පාදනයේදී භාවිතා වන ජනප‍්‍රිය ගල් අඟුුරු තාර සායම් වර්ගයකි. මෙම ඩයි වර්ග සම මත ස්පර්ශ වීමේදී සම මතුපිට රතුවීම, ඉදිමීම, බිබිලි දැමීම වැනි අහිතකර ප‍්‍රතික‍්‍රියා සිදුවේ. තවද කිවිසුම් යාම, කැස්ස, නාසය තදවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි සංකූලතා ද ඇති විය හැක.

Limonene

විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදනවල කෘතී‍්‍රම දෙහි සුවඳ ලබා ගැනීමට භාවිතා කරයි. ප‍්‍රජනන පද්ධතියට සහ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට විෂ අසාත්මික කාරකයක් ලෙස හඳුනාගෙන ඇත. ඇතැම් යුරෝපා රටවල භාවිතය තහනම් කර ඇති රසායනිකයකි.

නිෂ්පාදන ඇසුරුම් පිළිබඳ දැනුවත් වීම වැදගත් වන්නේ ඇයි?

අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය, බෙදාහරින්නාගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ මිල ආදි කරුණු ඇසුරුමේ සඳහන් කිරීම පොදු කොන්දේසියක් මෙන්ම අනිවාර්ය කරුණකි.

මෙම තොරතුරු වට්ටෝරුව පිළිබඳව දැනුවත් වීම ව්‍යාජ නිෂ්පාදනයන්ගෙන් බැහැරව රාජ්‍ය ආයතනයක අනුමැතිය සහ වගකීමක් ඇති නිෂ්පාදන හඳුනා ගැනීමට පාරිභෝගිකයාට පහසුවේ. මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී කෘත‍්‍රිම රසායනික සංයෝග අන්තර්ගත නිෂ්පාදනවල අවදානමට සාපේක්ෂව ස්වභාවික ද්‍රව්‍ය නිස්සාරණයෙන් ලබා ගන්නා සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන භාවිතයෙන් මිනිස් සිරුරට ඇති විය හැකි සංකූලතා අවම කරගැනීමට කටයුතු කිරීම පාරිභෝගිකයන් වන අප සියලූ දෙනාගේම වගකීමකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51