ලොකු අය ගෑස් පිපිරීම්වලට පිළියම් සොයද්දී පාසල් සිසුවෙක්ගෙන් නව පිළියමක්

ගෑස් සම්බන්ධ පිපිරීම් වලට පිලියමක් ලෙස බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි ඉදුවන මානවඩු ශිෂ්‍යයා පොල්කටු අගුරු පමණක් භාවිත කරමින් කෑම පිසිය හැකි උදුනක් නිර්මාණය කර තිබෙනවා. 

පාසල් සිසුවා මේ ලිප සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

“ලොකුම ප්‍රශ්නය තමයි මේ ගෑස් පුපුරන ප්‍රශ්නේ. බය හිතුණා අපේ අම්මත් උයන්නේ ගෑස් එක්වන් නිසා. මම ඒකට පොල්කටු අගුරු ලිපක් නිර්මාණය කළා. ඒක බැට්‍රියකින්, වියලි කෝෂයකින්, සුර්ය කෝෂයකින් වගේ ඒක ක්‍රියාකරව ගන්න පුළුවන්. මේ ගෑස් ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි මම මේක නිර්මාණය කළේ. විනාඩි 5කදී වගේ කෑම ටිකක් උයා ගන්න පුළුවන්. නවීකරණය කරන්න අතහිත දුන්නොත් අද අපේ අම්මා ආරක්ෂා වෙලා ඉන්නවා වගේ මුළු රටේම අම්මලා ආරක්ෂා කරන්න මට මේ ලිප හදලා දෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?