අහිංසාගේ ඇඟ ඇතුලේ සේනක දාපු සෙල්ලම් ටික ඔක්කොම මාට්ටු

අහිංසා යනු මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි රූමත් කාන්තාවකි.
ඇගේ සැමියා සේනක කෝටිපති ව්‍යාපාරිකයෙකි.

අහිංසාට මේ විවාහයෙන් වයස අවුරුදු හයක පුතෙක් සිටී.

සේනක කලින් විවාහයෙන් දික්කසාද වුවෙකි. සචිනි නම් වූ ඇය ගණකාධිකාරීවරියකි.

සචිනිගෙන් සේනක දික්කසාද වන විට තුන් හැවිරිදි හා පස් හැවිරිදි දරු දෙදෙනෙක් සචිනිට සිටියහ.
සචිනිගෙන් දික්කසාද වී අහිංසා සමඟ විවාහ වූ සේනකට මේ විවාහයේ සය හැවිරිදි පුතු සිටියදී හදිසියේ වාහන අනතුරකින් මිය ගියේය.

අහිංසා දැන් අසනීප තත්ත්වයකින් පෙළෙන්නීය.
තදබල ඇඟ පත රුදාවකින් ද පෙළෙයි. ආහාර අරුචිය නිසා ශරීරය ද කෙට්ටු වී ඇත.

රාත්‍රී නින්දෙන් තීගැස්සී අවදිවීම නිසා නිදි නොලබා රාත්‍රිය අවදි කරයි.

නිවසේ රාත්‍රියට යමෙක් එහා මෙහා යන අඩි සද්ද ඇසෙන්නට විය. වරෙක කෙනෙක් එහා මෙහා ඇවිදින ඡායාවක් පෙනේ. කවුදෝ ඇයට කතා කරන, මුමුණන හඬක් ඇසෙයි. එහෙත් කියන දේ නොතේරෙයි.

රෑ දවල් දෙකේ ම නිවසේ වරින් වර මහා දුර්ගන්ධයක් හමා යයි. මේ රෝග තත්ත්වයට, ඇඟ පත රුදාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවිණි. මනෝවෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එයින් ද සුවයක් නොවීය. මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට ලැබුණු පෙති පානය කළ විට නිදි සුවය නම් ඇය ලැබුවාය.

විවිධ අභිචාර විධි කළත් ඒවායින් ද සුවයක් නොලැබු තැන ඇය අවසානයේ මව්පියන් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති රෝග තත්ත්වයන් හා නිවසේ පවතින අසාමාන්‍යතාව පැහැදිලි කළාය.

ගවේෂකවරයා අහිංසාගේ රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. ඒ ඇඬිල්ලේ කෙළවරක් නැති බව වැටහුණු හෙයින් එසේ අඬන්නට ඉඩ දී අවසානයේ දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට නියම කළේය.

බෝධි පුජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද භූතාත්මය අඬන්නට විය. මෙසේ හඬමින් භූතයාගේ දුක තුනී කරගන්නට ඉඩ දී තුන් වැනි දිනයේ නැවත පැමිණි විට අහිංසාට ආවිශ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා අඬන්නේ?”
“මම සේනක” යැයි භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද මේ සේනක කියන්නේ? මොකක්ද මෙයා එක්ක තියෙන සම්බන්ධය?”
“මම මේ අහිංසාගේ මහත්තයා. විවාහක සැමියා.”

“ඇයි ඉතිත් මේ නෝනාට කරදර හිරිහැර කරන්නේ?”
“මහත්තයා, මට කියාගන්න බැරි දුකක් වේදනාවක් තියෙනවා. ඒක කියා ගන්නයි අහිංසාගේ ශරීරයට ඇතුල් වුණේ.

මගේ කලින් විවාහයේ නෝනා සචිනි. එයාගෙ ඇඟට රිංගන්න උත්සාහ කළත් ඒක බැරි වුණා. ඊට පස්සේ අහිංසාගේ ඇඟට රිංගුවේ මගේ දුක කියා ගන්නයි. මට සාධාරණයක් ඉෂ්ට කර ගන්නයි.”

“ඔව්. ඔබේ දුක නිවන්න, අපටත් පුළුවන් දෙයක් කරන්න අපි සුදානම්. කියන්න බලන්න ඔබේ දුක?”
“මහත්මයා මම කලින් විවාහ වෙලා හිටියෙ සචිනි එක්ක. සචිනි ගණකාධිකාරිණියක්.

එයා සංවේදී නැහැ. සංසුන් නැහැ. මාත් එක්ක සංලාප නැහැ. අපි ව්‍යාපාරිකයොනේ මහත්මයා. හැන්දෑවට ගෙදර ආවාම සංතෝෂයෙන් ඉන්න තමයි කැමති. සචිනි ළඟ ආදරය කරුණාව ලෙන්ගතු කම තිබුණෙ නැහැ. මගේ දරුවෝ දෙන්නටත් ගහනවා. බනිනවා. නිතර සැරවැර. මටත් එහෙමයි.

ඉතින් ඉවසලා ඉවසලා බැරිම තැන මම සචිනිගෙන් දික්කසාද වුණා. මගේ කොම්පැණියේ රක්ෂාව කළ කෙනෙක් තමයි අහිංසා. එයා සංවේදියි. අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිවෙලා මම අහිංසාව විවාහ කරගත්තා. කලින් විවාහයේ දරු දෙන්නටම නියමිත නඩත්තුව හැම මාසෙම නොවරදවා ගෙව්වා.”

“ඉතින් මහත්මයා. මේ අහිංසා මගේ පුතාව සංතෝෂයෙන් හුරතල් කරනවා දැක්කම මට මගේ කලින් දරුවෝ දෙන්නාම නිතරම මතක් වුණා. මම මහා දුකකින් සංතාපයකින් දැවි දැවී හිටියේ. මම ඇක්ෂිඩන්ට් එකෙන් මැරෙන වෙලාවෙත් ඒ දරු දෙන්නව මතක් වුණා. ඒ දෙන්නා සචිනිගේ බැණුම් තරවටු මැද්දේ දුක් විඳින හැටි මතක් වුණා. ගෑනියේ ඔය දරුවන්ට ඔය වගේ නපුරු විදිහට සලකන්න එපා කියලා සචිනි ළඟට ගිහින් මම කෑ ගහලා කිව්වා. එයාට මම කියන දේ ඇහුණෙ නෑ. ඒ පාර සචිනිගේ ඇඟට රිංගන්න උත්සාහ කළා. ඒකත් බැරිවුණා. ඊට පස්සේ අහිංසාගේ ඇඟට රිංගුවා. දැන් මගේ දුක කියා ගන්න පුළුවන්.

සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්. ඒකට මට උදව් කරන්න මහත්මයා.” භූතාත්මය ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එදිනට නියමිත ප්‍රතිකාර අවසන් කළ ගවේෂකවරයා නැවත පැමිණෙන දිනයට සචිනිගේ දරු දෙදෙනාත් දෙපාර්ශ්වයේම මව් පියනුත් කැඳවා ගෙන එන්නැයි අහිංසාට කීවේය.

ඊළඟ දිනයේ අහිංසා ගේ මව්පියනුත් සචිනිත් ඇගේ මව්පියනුත් දරු දෙදෙනාත් ගවේෂකවරයා හමුවට පැමිණියහ. එදින ද අහිංසාට ආවිශ්ට වූ සේනකගේ භූතාත්මය අඬන්නට වුයේය. ගවේෂකවරයා ඒ භූතාත්මය අමතා කතා කළේය.
“ඇති…. ඇති…. දැන් ඇඬුවා ඇති. ඔන්න අද කලින් මෝනයි දරු දෙන්නයි. ඇවිත් ඉන්නවා. සචිනි නැවත විවාහ වෙලාත් නෑ දරු දෙන්නා රැක බලාගෙන ඉන්නවා.”
ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

“අනේ… මගේ පුතේ. දුවේ! ඔය දෙන්නා නැතුව මම කොයි තරම් වේදනාවෙන් ද හිටියේ., අනේ, සචිනි මගේ දරුවෝ දෙන්නට කරදර කරන්න එපා. මට දරාගන්න ම බැරි නිසයි ඔය ගොල්ලන් අතහැරලා ගියේ. ඒත් මම මගේ යුතුකම් ඉටු කළා.”

භූතාත්මය අඬමින් දරු දෙදෙනා වැළඳ ගත්තේය.
“මගේ පුතේ. දුවේ. තාත්තට සමාව දෙනවා නේද?”
භූතාත්මය දරුවන්ගෙන් ඇසීය.
දරු දෙදෙනා ද “ඔව්… ඔව්…” කීහ.
“මහත්මයා දැන් මගේ දුක් වේදනාව තුනී වෙලා ගියා. දැන් මම නිදහස්. මාව හොඳ තැනකට යවන්න.”
භූතයා ගවේෂකවරයාට කීවේය.

පවුල් දෙකේම අය එක් වී සාංඝික දානයක් පිරිනමා සේනකට පින් අනුමෝදන් කොට ඔහුගේ භූතාත්මය අනුරාධපුරයට යවන්නට සුදානම් වී නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය.

ඔවුහු සාංඝික දානය පිරිනමා සේනකට පින් අනුමෝදන් කළහ. එදින අහිංසා සේනකගෙන් අයිති වූ ධනයෙන් මුදලින් රුපියල් කෝටි දෙකක්, හා මෝටර් රථයක් ද නිවසක් ද ඔහුගේ මුල් විවාහයේ දරු දෙදෙනාට ලියා ඔප්පු භාර දීමට තරම් සංවේදී වූවාය. ඒ පින්කමෙන් පසු යළිත් පැමිණි දිනයේ භූතාත්මය පළතුරු වට්ටියකට සම්බන්ධ කොට පවුල් දෙකේම ඥාතීන් සමඟ අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා පියවර ගත්තේය. දැන් අහිංසා සම්පුර්ණයෙන් සුවපත් වී ඇති අතර පවුල් දෙකේ සමගියක් ද ගොඩනැගී ඇත.

සචිනි එදා ඉවසුවා නම් සංවේදී වුණා නම් අපට ඔබට ලියන්නට කියන්නට කියවන්නට කතාවක් ද නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03