අපේකමට අපේ රටට වැඩක් කළ හැකි ගොවි රජෙක්

ඉවත දමන යකඩ වලින්,සහ පාපැදියක කොටස් කීපයක් උපයෝගී කරගනිමින් ඉතා සුළු මුදලකින්, කිසිදු ඉන්ධන වර්ගයක් නොයොදා දින 5ක කාලයකදී ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට පොලොන්නරුව දිඹුලාගල පහල ඇල්ලේවැව ගොවි මහතකු සමත් වී තිබෙනවා.
ඊ. එම්. නුවන් එදිරිමුණි ගොවි මහතා විසින් මෙය නිපදවා ඇති අතර 38 වියැති පසුවන ඔහු දෙදරු පියෙක්.
ඔහු මේ වෙනවිට ඔහුගේ මිත්‍රයෙකු ද සමඟ එවැනි පැළ ගොයම් හිටවන යන්ත්‍ර හතරක් නිපදව ඇති අතර මේ වන විට ඔහු තම කුඹුරේ එම යන්ත්‍රය මගින් පැළ ගොයම් සිටුවමින් පවතී.
මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාකරන එම යන්ත්‍රය මගින් දිනකට අක්කර දෙකහමාරක පැළ ගොයම් සිටුවීමට හැකියාව පවතින අතර ඒ සඳහා වැයවන්නේ එක් මිනිස් දිනයක් පමණි.
මෙම ක්‍රමය මගින් ගොයම් පැළ සිටුවීමේ දී, වල් නාශක, හා කෘමිනාශක යෙදීම අත්‍යවශ්‍ය නොවන බව ද නුවන් එදිරිමුනි මහතා අප සමග සඳහන් කළේය.

මේ පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය නිර්මාණය කළ නුවන් එදිරිමුනි මහතා…

මම මේ යන්ත්‍රය නිර්මාණය කරන්න පාවිච්චි කළේ යකඩ බට කිහිපයක් සහ යකඩ ප්ලේට් කිහිපයක් වූ විතරයි. ඊට අමතරව පාපැදියක ප්‍රීවීල් එකයි, බයිසිකල් චේන් එකේ කොටසකුයි යොදාගත්තා. දවස් පහකින් හැදුවා. ඊට පස්සේ මගේ කුඹුරේ පැළ ගොයම් ටික ගලවල ඒ යන්ත්‍රයෙන් හිටවා ගත්තා. දවසෙන් අක්කර දෙකහමාරකම, ගොයම් පැළ හිටවා ගන්න පුළුවන් වුණා.
මේකේ විශේෂත්වය තමයි ඉන්ධන මොනවත් යන්නෙ නෑ. ඕනම කෙනෙකුට යන්ත්‍රය පරිහරණය කරන්න පුළුවන්. අනතුරක් නෑ. අනික තමයි වල් මර්ධනය කරන්න බෙහෙත් ගහන්න ඕනෑ නෑ. ඉතින් පොඩි මුදලකින් වාසි ගොඩක් ගොවියාට ගන්න හැකි හැකියාව මේ යන්ත්‍රය මගින් තිබෙනවා. මගේ යාලුවා එක්ක තවත් යන්ත්‍ර තුනක් හදලා ඇල්ලේවැව යායේ කුඹුරු ගොඩක මේ ක්‍රමේට පැළ ගොයම හිටවා ගත්තා..ඉතින් මම කැමැතියි මේ යන්ත්‍ර හදලා අපේ ගොවියන්ට බෙදලා දෙන්න. ඒකට රජයෙන් උදවු කළොත් මම ඕනෑ වෙලාවක සූදානම් මේ වගේ යන්ත්‍ර නිර්මාණය කරල මටත් පොඩි ලාභයක් තියාගෙන රට පුරා බෙදා හරින්න. දැනටත් මේ පළාතේ ගොවියන්ගෙන් ලොකු ඉල්ලුමක් මේ ගොයම් හිටවන යන්ත්‍රයට තිබෙනවා.

ගොසිප් ලංකා නිව්ස් මනම්පිටිය වාර්තාකරු – නිමල් ජයරත්න

web 022
web 055
Web 01 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46