මෙතෙක් කොවිඩ් වාර්තා නොවූ එකම රටෙනුත් ආසාදිතයෙකු වාර්තා වෙයි

ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ එකම රට වන කුක් දූපත් (Cook Islands) රාජ්‍යයෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 10 ක දරුවෙකුට මෙලෙස කොවිඩ් ආසාදනයවී ඇති බවයි එරට අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ් නිවේදනය කළේ. කුක් දූපතේ (Cook Islands) පදිංචිකරුවෙකු වන මෙම දරුවා මීට දින කිහිපයකට පෙර නවසීලන්තයේ සිට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කුක් දූපත් සමූහය (Cook Islands) දකුණු පැසිපික් කළාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ත ජනගහනය 17000 ක් පමණ වනවා.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදෙස් රටවල සිට පැමිණෙන්නන් සඳහා මෙම රට වසා තැබූ අතර මීට දින කිහිපයකට ඉහත දී නවසීලන්තය සමග පමණක් සීමිත සංඛ්‍යාවක් ගුවන් ගමන්වාර ආරම්භ කරනු ලැබුවා.

කුක් දූපත් (Cook Islands) හි මේ වනවිට කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණය යටතේ එන්නත් ලබාගෙන ඇති ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 96 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37