ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරු පිටව යයි

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියි.

මේ හේතුවෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.