රත්තරන් මාලය උකස් කර ගත්ත ගෑස් සිලින්ඩරය පුපුරා යයි

දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසී නිවසක 03 වෙනිදා සවස 2ට පමණ ගෑස් ලිපක් පිපිරී එම ගෑස් ලිප විනාශ වී තිබෙනවා.
එයින් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තම නිවසේ ගෑස් ලිප දැල්වීමට යෑමේදී ගෑස් සිලින්ඩරය තුළින් හඬක් නැගුන බවත්, එක්වරම ගෑස් ලිප දැල්වීමටත් සමග පුපුරා ගිය බවත් ආදිවාසි කාන්තාවක් වන රෝසප්පුගේ සුජීවා ප්‍රියදර්ශණී අප සමඟ පැවසුවා.
තමන් මේ පිළිබඳව හදිසි දුරකථතන ඇමතුම් අංශය ඇමතුවද ඊට ප්‍රතිචාරයක් නොලැබුන බවත් ගෑස් ලිප පිපිරීම් පිළිබඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් යොමු කරන බව ද වැඩිදුරටත් සඳහන් කළා.
තමන් මීට පෙර දර භාවිතා කරමින් ඉහුම් පිහුම් වැඩ කර ගත් බවත්, පවතින අධික වර්ෂාව නිසා එලෙස දර සොයාගෙන ඒමට අපහසු නිසා තාම රත්තරන් මාලය බැංකුවේ උගසට තබා අලුතින් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ලබාගත් බවත්,සති දෙකක කාලයක තුළදී එය පිපිරී යෑම හිතාගත නොහැකි බවද ඇය සඳහන් කළාය.
එම ගෑස් සිලින්ඩරය ගෙවත්තට විසි කර දැමූ බවත් එයින් පවුලම අසරණභාවයට පත්වුණු බවත් ඇය සඳහන් කරනවා.

ගොසිප් ලංකා නිව්ස් මනම්පිටිය වාර්තාකරු – නිමල් ජයරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30