නාඋල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් එකොලොස් දෙනෙකු පොලිස් නිලධාරින් බවයි වාර්තා වන්නේ.
සිසුන් දෙදෙනෙකු ඇතුළුව නාඋල වැව පහල ප්‍රදේශයෙන් 4 දෙනෙකු සහ පුබිබිලිය ග්‍රාමයෙන් එක් අයෙකු ද ආසාදිතයන් අතරට අයත් බවයි නාඋල පොලිස් කොරෝනා මර්ධන ඒකකය සඳහන් කළේ.
අඛන්ඩව සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා සහ පී.සී.ආර් පරික්ෂා හේතුවෙන් නව රෝගීන් අනාවරණය වන බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1