තම ත්‍රීරෝද රථය සිතාමතාම වෙනත් වාහනවල ගැටීමට සලස්වා වංචා සහගත ලෙස බලහත්කාරයෙන් මුදල් ලබාගන්නා පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල මාර්ගවල ධාවනය කරමින් මොහු මෙම වංචනික ක්‍රියාවේ නිරතවී ඇත.
සැකකරු මාස දෙකක් ඇතුළත රියදුරන් 15 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වරින් වර ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




