නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා රට දඬුවමට ලක්වෙලා

අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇතැයි ඔවුන් චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කලේ සිය රටට එරෙහිව විදෙස් රටවලින් පනවා ඇති සංචාරක තහනම හෙළා දකින බවයි.විද්‍යාවේ විශිෂ්ඨත්වය අගය කළ යුතු නමුත් ඒ ඔස්සේ රටවලට දඬුවම් නොකළ යුතු බවයි එම නිවේදනය මගින් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ලොව අනෙක් රටවලින් කොරෝනා නව වෛරස් ප්‍රභේදයන් සොයා ගත් අවස්ථාවන්වලදි ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් ජාත්‍යන්තර ප්‍රජාව සිය රටට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ද දකුණු අප්‍රිකාව චෝදනා නැගුවා. එසේම සිය රටට එරෙහිව සංචාරක තහනම් පනවා ඇත්තේ විද්‍යාත්මක හේතු මත පදනම්ව නොව දේශපාලන හේතු මත පදනම්ව පමණක් බවයි දකුණ අප්‍රිකාව චෝදනා නගමින් වැඩි දුරටත් සදහන් කර සිටියේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් රැසකින් වාර්තා වනවා. එම රටවල් අතරට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා, හොංකොං හා ඊශ්‍රායලය යන රටවල් අයත්.

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හමුවීමත් සමග විදේශිකයින් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේවනවිටත් අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?