තරුණ හිත් වසඟ කළ ඒ මියුරු හඬ ප්‍රේමය අලුත් කරයි

ශිහාන් මිහිරංග කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක්. ඔහුටම අනන්‍ය වුණු විලාසිතා වලින් තරුණ තරුණියන්ව වසඟයට ගත් ශිහාන් ආදරණීයම ගී රැසක හිමිකරුවෙක්.

“අද තනියෙන් මා“ , “මිහිරාවියේ“ , “ඔබගේ මතකෙන්“ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඬ අයිතිකරු වන ඔහු මේ දිනවල ලංකාවේ එකම සහ ප්‍රථම ගායන රියැලටිය වන “හිරු ස්ටාර්“ සීසන් 3 හි විනිසුරුවෙකු ලෙස ද කටයුතු කරනවා. ඉතින් පසුගිය දවසක (23) ශිහාන්ගේ ආදරණීය බිරිඳගේ උපන්දින සැමරුම යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතේ පළ කළ සටහන පහතින් බලන්න.

මිහිරාවියේ සිහින කුමරී ඇයයි. ගෙෂ්නි ක්ලෙමන්ටා නැගණියට මිහිරිතම ගී නදින් රාව නැංවෙන උපන්දිනක්.

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගගේ ආදරණීය බිරිඳ ගෙෂ්නි ක්ලෙමන්ටා සිල්වා අද දින (23) සිය උපන්දිනය සමරන්නීය.

කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්නි සහ ශිහාන්, පාසල් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනවාරි 25 වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂ් සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර මව වන ගෙෂ්නි ක්ලෙමන්ටා තම දරුවන්ගේ සහ සැමියාගේ යුතුකම් මැනවින් ඉටුකරමින් ගෘහණියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.

මට බොහෝ සේ හිතවත් ශනිලාගේ ආදරණීය පියාණන් වන නිහාල් නානායක්කාරගේ, සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙෂ්නිව දැනහඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමගින් විවාහ වීමටත් පෙර සිට ය. විශේෂිත දරුවෙකු වන ශනිලා මගේ ගීතවලට දැඩි සේ ප්‍රියකරන උග්‍ර රසිකාවියක් ද වන අතර, සෑම වසරකදීම මා ඇයගේ උපන්දින සාදයට සහභාගී වීම අනිවාර්ය කටයුත්තකි.

ශනිලාගේ උපන්දින සාදය සංවිධානය කිරීම සඳහා ගෙෂ්නි ද විශාල ලෙස දායක වී කටයුතු කරන්නීය. එහිදී මා හට, ගෙෂ්නිව සහ ඇගේ පවුලේ අයව ද නොවරදවාම වාර්ෂිකව මුණගැසෙන අතර, ඇයගේ ක්ලේන් සහ කෙනන් යන පුතුන් දෙදෙනා මා සමග ගීත ගායනා කිරීමට ද සම්බන්ධ වෙති. එම දරුවන් ද මා සමග අතිශය හෘදයාංගම අතර මට ද ඔවුන් මගේ දරුවන් සේ සෙනෙහසක් හැඟේ.

ගෙෂ්නිගේ පියා වන උපාලි සිල්වා, මැසනඩ් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර, ගුරුවරියක ලෙස සේවය කළ ඇගේ මව රමණී සිල්වා, මේ වන විට එයට සමුදී ඇත. ගෙෂ්නිගේ, වැඩිමල් සොයුරු ශවන්ත ද විවාපත් අතර, ඔහුට ඩිශේන් නමින් එක් පුතෙක් ද සිටී.

තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ගෙෂ්නිට, සිය සැමියා සහ දරුවන් සමඟ යෙහෙන් සංතෘෂ්ඨියෙන් ජීවිතය ගෙවන්නට වාසනාව උදාවේවායි සුභාශිංසන ගෙන එමි !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58