අවුරුදු තුනක් පුරාවට නංගිව අඹුකමට ගත් අයියා

මවට හා පියාට මරණ තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි සොයුරකු ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශීනිත් විජේසේකර නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයාගෙන් දිනපතාම එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකි ව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමෙ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවක ත්‍රිරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

මෙම විසි දෙහැවිරිදි තරුණයා ගේ වැඩිමහල් සොයුරාද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචියක සිටින බව පොලිසිය පවසයි. මව පියා හා නැගනිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් ඒ නිසා එය හෙළි නොකළ බවත් මව විසින් පොලිසියට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?