මවට හා පියාට මරණ තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි සොයුරකු ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශීනිත් විජේසේකර නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයාගෙන් දිනපතාම එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකි ව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමෙ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවක ත්‍රිරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.
මෙම විසි දෙහැවිරිදි තරුණයා ගේ වැඩිමහල් සොයුරාද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචියක සිටින බව පොලිසිය පවසයි. මව පියා හා නැගනිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් ඒ නිසා එය හෙළි නොකළ බවත් මව විසින් පොලිසියට පවසා තිබෙනවා.














Such rape incidents among close relatives are not rear in Sri Lanka. According to a survey done by Dr. Kiriella of the Galle karapitiya Hospital, 80% of child rape cases have happened from a close relative such a this incident (brother) or father.👨🎓🇱🇰